දෙවරක් ලෝක කුසලානය දිනූ ආර්ජන්ටිනාව පරදා ලෝක කුසලානයේ දැවැන්ත පියවරක් ඉදිරියට තැබීමට සෞදි අරාබිය සමත්විය.ඒ 'සී' කාණ්ඩයේ අද පැවැති තරගයෙන් ගෝල 2-1ක ජයක් හිමිකර ගනිමිනි. මෙම තරගය ලුසෙලිහිදී පැවැත්විණි.
තරගයේ 10වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවට හිමිවූදඬුවම් පහරක් ගෝලයක් බවට පරිවර්තනය කිරීමට සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත්විය
නමුත් දෙවැනි අර්ධයේ 48වැනි මිනිත්තුවේදී ක්රියාත්මක වූ යායා අල් ෂාහිරි සෞදි අරාබියට ගෝලයක් වාර්තා කරදුන්නේය. ඉන් මිනිත්තු 05ක් ගතවද්දී ක්රියාත්මක වූ අල් දව්සාරි දෙවැනි ගෝලයද කණ්ඩායමට වාර්තා කරදුන්නේ ආර්ජන්ටිනාවට පරාජයේ මාවත විවර කර දෙමිනි.
මේ සමගින් අන්තර්ජාතික තරග 36ක් අපරාජිතව සිටිමින් ආර්ජන්ටිනාව පාපන්දු පිටියේ තබා තිබූ වාර්තාව බිඳී ගියේය. ආර්ජන්ටිනාව වත්මන් පුහුණුකරු ලා ඇලබිසෙලෙස්තේ යටතේ 2019 වර්ෂයේ පටන් අපරාජිතව සිටියේය.
ආර්ජන්ටිනාව තවත් එක් තරගයක් ජය ගත්තේ නම් වැඩිම තරග ප්රමාණයක් අපරාජිතව (37) ජයගනිමින් ඉතාලිය 2021 වර්ෂයේදී පිහිටුවා තිබූ වාර්තාව සම කිරීමට ඔවුන්ට හැකියාවක් තිබුණි.