මෙවර පාපන්දු ලෝක කුසලානය ආරමභයේදීම වඩාත් කුතුහලයක් දනවන තරගාවලියක් බවට පත්වූයේ පෙරලිකාර ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා වීම හේතුවෙනි.
තරගාවලිය ආරම්භයේදීම සත්කාරක කටාරය දරුණු පරාජයකට මුහුණ දීමත්, සෞදි අරාබිය හමුවේ ආජන්ටිනාව පරාජයට පත්වීමත්, ජපානය හමුවේ ජර්මනිය පරාජය වීමත් ඉන් කිහිපයකි. මේ අතරින් ලෝක ශ්‍රේණිගත කිරීමේ අංක තුනේ පසුවන ආජන්ටිනාව, 51 වැනි ස්ථානයේ සෞදි අරාබිය හමුවේ ලැබූ පරාජය වඩාත් කැපී පෙණෙයි. එය තවත් සුවිශේෂී වන්නේ ඒ වන විටත් ආර් ජන්ටිනාව අඛණ්ඩව තරග 36 ක් ජයගෙන සිය දක්ෂතාවයේ උපරිම මට්ටමේ රැඳී සිටියදී මෙම පරාජය හිමිවීමයි.
නමුත් මෙම සුවිශේෂි ජයග්‍රහණය අහම්බයක් නොව සෞදි කණ්ඩායමේ දැඩි මානසික ශක්තිය හා විශ්වාසය මත සිදුවූවක් බව තරගය නැරඹූ ඕනෑම අයෙකුට දැකගත හැක. එය වඩාත් උලුප්පා දක්වන සිදුවීමක් මෙම තරගයෙන් අනතුරුව ලෝක මාධ්‍යෙයහි අවධානයට යොමුවිය.
ඒ තරගය අතරතුරදීම සෞදි මැදපෙළ ක්‍රීඩක අලි අල්- බුලායිහි ආර්ජන්ටිනා නායක ලයනල් මෙසීට ප්‍රසිද්ධියේ අභියෝග කිරීමයි. විශේෂත්වය වන්නේ ඔහුගේ මෙම අභියෝගය තරගයේ ජයග්‍රහණය දක්වාම ගෙන යාමට ඔහු ඇතුළු කණ්ඩායමට හැකි වීමයි.
තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීද ඔහු මේ බව පැවසීය. තරගයේ 10 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනා නායක ලයනල් මෙසී ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ආර්ජන්ටිනාවට හිමිකර දුන්නේය.
ඒ අනුව තරගය පළමු අර්ධය නිමා වූයේ ගෝල 1-0 ක් ලෙසින් ආර්ජන්ටිනාව ඉදිරියෙන් සිටිමිනි.
නමුත් 48 වැනි මිනිත්තුවේදී අල් ෂෙහ්රි වාර්තා කළ ගෝලය හා 53 වැනි මිනිත්තුවේදීඅල් දව්සාරි වාර්තා කළ ගෝල ද්විත්වයත් සමගින් තරගයේ පෙරමුණ සෞදි අරාබියට හිමිවූයේ කිසිවෙකුත් විශ්වාස නොකළ අයුරිනි.
එම අවස්ථාවේදී ආර්ජන්ටිනා නායක ලයනල් මෙසී වෙත එක්වරම දිවගිය අල් බුලාහි එක්වරම අභියෝගාත්මක ස්වරූපයෙන් ඔහු වෙත පැවසුවේ ‘ඔබ දිනන්නෙ නෑ (You are will not win)’ ලෙසිනි.
මෙසී වැනි ලෝකප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු ඉදිරියේ බුලාරි කළ එම අභියෝගාත්මක ප්‍රකාශයෙන් මවිතයට පත් මෙසී ඔහු දෙස ටික වේලාවක් බලා හිඳිනුද දක්නට ලැබිණි.
බුලාරි සපථ කළ ආකාරයටම ඉන් අනතුරුව ආර්ජන්ටිනාවට සිය දැල ආක්‍රමණය කිරීමට සෞදි ක්‍රීඩකයින්ගෙන් අවස්ථාවක් නොලැබිණි. එහිදී දක්ෂ පහරවල් කිහිපයකින්ම සිය දැල බේරාගැනීමට සෞදි දැල් රකින්නා සමත්විය.
කෙසේ වෙතත් ආර්ජන්ටිනාව වැනි ප්‍රභල කණඩායමක් ඉදිරියේදී සෞදි කණ්ඩායමේ අභිත ක්‍රීඩා විලාශය මේ අනුව ලෝකප්‍රසිද්ධ වූ අතර එය ඔවුන්ව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
අල්- බුලාහි , මෙසී වෙත අභියෝග කරමින්