පාකිස්තාන කණ්ඩායහෙම් වමත් වේගපන්දු යවන ක්රීඩක ෂහීන් ෂා අෆ්රිඩි සහ පාකිස්තාන හිටපු නායක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා අෆ්රිඩි සමග පෙබරවාරි 4 වැනිදා කරච්චියේදී විවාහ දිවියට පිවිසුණේය.
ෂහීන් සහ අන්ෂා 2022 දී විවාහ ගිවිස ගත්තේය.සිය දියණිය විවාහ දිවියට පිවිසීම ගැන සහීඩ් අෆ්රිඩි සිය ට්විටර් ගිණුමේ සංවේදී සටහනක් තබා තිබුණි.
“දුව ඔබේ ගෙවත්තේ ලස්සනම මලයි, මන්ද ඒවා මහත් ආශීර්වාදයකින් පිපෙන බැවිනි. දුවක් යනු ඔබ සිනාසෙන, සිහින දකින සහ ඔබේ මුළු හදවතින්ම ආදරය කරන කෙනෙකි. මාපියන් වශයෙන්, මම මගේ දියණිය ෂාහීන් වෙත ලබා දුන්නා, ඔවුන් දෙදෙනාට සුබ පැතුම්.” යැයි ඒම සටහනේ දැක්වෙයි.
මෙම විවාහ උත්සවයට පාකිස්තාන ක්රිකට් කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයන් ඒක්ව සිටි අතර පාකිස්තාන අග්රාමාත්යවරයාද සිය ට්විටර් ගිණුමෙන් සුබ පැතුම් පිරිනමා තිබුණි.