ලංකා ප්රිමියර් ලීග් තරගාවලියට ක්රීඩා කිරීම සඳහා ශ්රී ලංකාවට පැමිණ සතියකට පමණ පසු ෂාහිඩ් අෆ්රිඩි යළි පාකිස්තානය වෙත යෑමට නියමිතය. පුද්ගලික හදිසි අවස්ථාවකට එක්වීම සඳහා අෆ්රිඩී යළිත් පාකිස්තානයට පිටත්ව ගොස් ඇති අතර පවතින තත්ත්වය හසුරුවා ගැනීමෙන් අනතුරුව ඔහු යළිත් තරගාවලියට එක්වීමට සූදානමින් පසුවෙයි.
ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය දරන අෆ්රීඩීට අමතරව දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක අෆ්තාබ් අලාම්ද පෞද්ගලික හේතුවක් හේතුවෙන් යළිත් ඇෆ්ගනිස්තානය වෙත ගොස් තිබේ.