ඉන්දීය සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අසෝක් ඩින්ඩා දිගින් දිගටම හෙළාදැකීම හා සමච්චලයට ලක්කිරීමට එරෙහිව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන සිය අප්‍රසාදය පළකර ඇත. ඇතැම් ඉන්දීය ක්‍රීඩාලෝලීන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නාව හෙළාදකිද්දී උදාන ඔහුව ඇගයීමට ලක්කර තිබේ.
උදාන විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දක්වා ඇත්තේ, පළමු පෙළ තරගවල කඩුලු 400 (420) සීමාව ඉක්ම වූ ඩින්ඩා වැනි පන්දු යවන්නෙකුට තමන් ගෞරවකරන බවයි.
ඉන්දියාව වෙනුවෙන් 2009දී හා 2010දී පිළිවෙළින් විස්සයි20 හා එක්දින ජාත්‍යන්තර වරම් දිනූ අසෝක් ඩින්ඩා ආරම්භයේදී දස්කම් අතරට පැමිණියත් පසුව ඔහු අසාර්ථක විය. ඒ හේතුවෙන් ඔහු ඉන්දීය සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස විවේචනයට ලක්විය. ඔහු අප්‍රසාදයට හා සමච්චලයට ලක්වූයේ කොතෙක්දැයි කිවහොත් යම් පන්දු යවන්නෙකු දිගින් දිගටම අසාර්ථකත්වයට පැමිණිය හොත් ඔහු ‘%ඩින්ඩා ඇකඩමියේදැයි’ අසන තරමටම එය ප්‍රභල විය.
කෙසේ වෙතත් මෙම චෝදනාවන්ට පිළිතුරු දෙමින් ඩින්ඩා පසුගියදා සිය ට්විටර් ගිණුම මගින් ඉල්ලීමක් කර තිබුණේ%තමන්ව අගයකිරීමට ලක් කළ නොහැකි නම්, අඩුම තරමේ සිය ක්‍රීඩා රටාව පහත් නොකරන්න^ ලෙසිනි.
&‘මම දන්නවා ලෝකයේ හොඳම පන්දු යවන්නා මම නෙවෙයි කියලා.නමුත්ලෝකයාට තේරෙන්නෙ නෑ මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න කොහොම මහන්සියක් වුණාද කියලා. මට මගේ පවුලෙන්වත් සහයෝගයක් තිබ්බෙ නෑ. රංජි කුසලානයේ (ඉන්දීය අන්තර්පළාත් තරගාවලිය) බෙංගාලය වෙනුවෙන්ක්රීඩා කරන්න අවස්ථාවක් ලබාගන්න මම අවුරුදු 09ක් දුක්වින්දා. මම සමහර දවස්වල බඩගින්නෙම නිදාගත්තෙ ග්‍රවුන්ඩ් එකේ.
මට සහයෝගය දක්වන්න ඔබලාට නොහැකි නම් අඩුම තරමේ මගේ ක්‍රීඩා රටාව පහතට හෙළා කතා කරන්න එපා. මොකද ක්‍රිකට් ක්‍රීඩා කරන්න දිවා රෑ නොබලා වෙච්ච මහන්සිය දන්නේ මම විතරයි*යනුවෙන් ඩින්ඩා සංවේදී සටහනක් සිය ට්විටර් ගිණුමේ දක්වා ඇත.
කෙසේ වෙතත් ඩින්ඩාගේ එම ප්‍රකාශයට සිය සහයෝගය පළ කරමින් උදාන වැඩිදුරටත් දක්වා ඇත්තේ, %සම්පූර්ණ සිදුවීම නොදැන කිසිවෙකුත් විනිශ්චයට ලක් නොකරන්න^ ලෙසිනි.
32හැවිරිදි උදාන මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරමින් සිටියි.
ඉන්දියාව නියෝජනය කරමින් අන්තර්ජාතික තරග 22කට සහභාගි වී ඇති ඩින්ඩා,ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක (2008) තරගාවලියේ සිට 2017 වර්ෂයේ තරගාවලිය දක්වාම ක්‍රීඩා කළේය. එම කාලසීමාව තුළ ඔහු දිල්ලි ඩෙයාඩෙවිල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, පූනේ වොරියර්ස්, රයිසිං පූනේ සුපර්ජයන්ට්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම්නියෝජනය කළේය.