චරිත් අසලංක නොදැවී රැස් කළ ලකුනු 83 ත් කුසල් මෙන්ඩිස්ගේ අර්ධ ශතකයත් නිසා සංචාරක ඇෆ්ගනිස්ථානය සමගින් පැවති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුළු 4 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්රී ලංකාව සමත්විය.
මේ සමගින් පසුගිව වසරේ සැප්තැම්බර් මාසයේ සිට සිය එක්දින තරගාවලිය අපරාජිකත්වය තවදුරටත් ඉදිරියට ගෙනයාමට ශ්රී ලංකාව සමත්විය.
පල්ලෙකැලේදී පැවති තරගයේ ඇෆ්ගනිස්ථානයෙන් ලැබුනු ලකුනු 314ක ඉලක්කය පන්දුවාර 49.4 කදි පසුකරයාමට ශ්රී ලංකාව සමත්විය.
ශ්රී ලංකාව වෙනුවෙන් ආරම්භක කඩුල්ලට ලකුනු 101 ක සබඳතාවක් පැවැත්වීමට කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක සමත්විය. නමුත් ඉන් අනතුරුව එක්විටක ශ්රී ලංකා ඉනිම පන්දුවාර 43 කදී කඩුළු 6 ක් දැවී ලකුනු 249 ක් ලෙසින් දැක්වුණද චරිත් අසලංක සමගින් පිටියේ එක්වූ යොවුන් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ හත්වැනි කඩුල්ලට පන්දු 39 කදී නොදැවුනු ලකුනු 65 ක් රැස් කරමින් ශ්රී ලංකාව ජයග්රහණය කරා රෙගෙන ගියහ.
එහිද චරිත් රැස්කලේ සිය එක්දින දිවියේ 6 වැනි අර්ධ ශතකයයි. ඔහුට අගනා සහයක් ලබාදුන් දුනිත් වෙල්ලාලගේ පන්දු 21 කදී අගනා ලකුනු 31 ක් රැස් කලේය.
ශ්රී ලංකාව 2021 වර්ෂයේ ජූලි මසදී ඉන්දියාව සමගින් පැවති තරගාවලියෙන් අනතුරුව එක්දින තරගාවලියක් පරාජයට පත්වී නොතිබීම විශේෂත්වයකි.