පිළියන්දල කොළමුන්න ප්රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ශ්රී ලංකා පොලිස් ක්රිකට් කණ්ඩායමට ක්රීඩා කරන අතර උපසේවා පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පත්වීම් ලැබ තිබේ.
පිළියන්දල පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුක තිබේ.
කොළමුන්න ප්රදේශයේ පදිංචි පැමිණිලිකරු වාහනය මාර්ගය අවහිර වනසේ නවතා තැබූ යයි උරනව එම ප්රදේශයේම පදිංචි සැකකරු පැමිණිලිකරුගේ නිවසට අයුතු ලෙස වී පහරදීම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
27 හැවැරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි