අවුරුදු 50ක් පැරණි ක්‍රීඩා පනත ඉදිරියට ගමන් යෑමට නොහැකි බැවින් නව ක්‍රීඩා පනතක් ගෙන එන බවත්, මේ වනවිට එහි මූලික කටයුතු සාකච්ඡා කරමින් සිටින බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ඊයේ (02දා) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී හමුවූ අවස්ථාවේදීය.
එමෙන්ම තමන්ගේ ධුර කාලය තුළ ක්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්, ඉදිරියේදී සියලු ක්‍රීඩා සඳහා වාණිජමය පසුබිමක් ඇති කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
&මේ ක්‍රීඩා පනත හදලා තියෙන්නේ 1973. ඒ කියන්නේ විවෘත ආර්ථිකය පැමිණීමටත් පෙර. අද වනවිට ක්‍රීඩාව බොහෝ සෙයින් වෙනස් වෙලා. වාණිජකරණය වෙලා. ඉතින් අවුරුදු 50ක් පැරණි පනතක් එක්ක මේ ගමන යන්න බැහැ. ඒ නිසා නව ක්‍රීඩා පනතක් අපි අනිවාර්යයෙන් ගෙන එනවා. මේ වනවිට අපි එහි මූලික කටයුතු ආරම්භ කරලා තියෙනවා. තව වසර එකහමාරකින් අපිට නව ක්‍රීඩා පනත ස්ථාපනය කරන්න පුළුවන් වේවි. අද වනවිට අපේ ක්‍රීඩා බොහෝ සෙයින් වෙනස් වෙලා තියෙනවා. මේ සියලු කරුණු සලකා බලා නව ක්‍රීඩා පනතක් ගෙන ඒමට ක්‍රියා කරනවා* යැයි පවසා සිටියේය.