දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කරමින් මෙවර එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම ලකුණු 210/4ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්රීඩා කළ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 187/9ක් පමණි.
මෙවර එල්.පී.එල්. තරඟාවලියේදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ප්රමාණය ජැෆ්නා කණ්ඩායම රැස්කළ ලකුණු 210 වන අතර තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට ජැෆ්නා කණ්ඩායමේ අවිශ්ක ප්රනාන්දු සමත්විය.
දඹුල්ල කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන යාමට චාමික කරුණාරත්න තියුණු සටනක් ලබාදුන්නේය. ඔහු පන්දු 47කදී වේගවත් ලකුණු 75ක් රැස්කළේය.
තරගාවලියේ අවසන් මහ තරගය හෙට (23දා) ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.