ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට සහ දක්ෂතා විශ්ලේෂකයෙකුට ලබාදී තිබූ තහනම ඉවත් කිරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට බලයක් තිබේද යන්න සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.
මෙම කමිටුවට ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ නීතිඥ රසික වීරතුංග ඇතුළත්ව ඇති අතර, ඔවුන්ගේ මූලික කාර්යය වී ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබාදුන් මෙම තීන්දුව ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි බලතල ප්‍රකාරව වෙනස් කළ හැකිද යන්න සොයා බැලීමයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයන් වන අවිෂ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට දූෂණ චෝදනා එල්ල කර තිබූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන් දෙදෙනාට අනිවාර්ය නිවාඩු ලබා දුන්නේය.
ඒ වන විට අවිෂ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් නුවන් සොයිසා පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙසත් කටයුතු කරමින් සිටියේය.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂතා විශ්ලේෂකයෙකු ලෙස සේවය කළ සනත් ජයසුන්දර එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි හරීන් ප්‍රනාන්දුට අල්ලස් ලබාදීමට තැත් කිරීමේ චෝදනාව මත වසර 02ක තහනමකට යටත් කළේය.
කෙසේ වෙතත් ඔවුන් තිදෙනා නීතිඥවරු මාර්ගයෙන් දිගින් දිගටම ක්‍රීඩා අමාත්‍යාංශයට අභියාචනා ඉදිරිපත් කර තිබූ අතර, වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට මෙම තහනම ඉවත් කිරීමට බලයක් පවතින්නේද යන්න සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් "අද" ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ අදාළ තහනම ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් පවතින්නේද යන්න දීර්ඝ වශයෙන් සොයා බැලීමට නියමිත බවයි.