ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ද.කොරියාව පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැණීමට බ්‍රසීලය සමත්විය. මෙය දෝහා හි 974 ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
තරගයේ ආරම්භයේ පටන් සම්පූර්ණ පාලනය සියතට ගැනීමට බ්‍රසීලය සමත්විය. ඒ් 36 වැනි මිනිත්තුව වන විට ගෝල 4 ක්ම වාර්තා කරමිනි.
7 වැනි මිනිත්තුවේදී ඉදිරිපෙළ ක්‍රීඩක කණිෂ්ඨ විනීෂස් විසින් බ්‍රසීල ගේාල මැෂිම ආරම්භ කලේය. ඉන් මිනිත්තු 5 ක් ගතවෙද්දි ලැබුණු දඩුවම් පහරක් ගෝලයක්බවට සාර්ථක කර ගැනිමට නේමාර් සමත්විය.
මෙය නේමාර් බ්‍රසීලය වෙනුවෙන් වාර්තාකළ 76 වැනි ගෝලය විය. ඔහු මේ සමගින් බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල ලාභී (77) පේලේගේ වාර්තාව සමකිරීමට ගෝලයක් ආසන්න විය.
අනතූරුව දක්ෂ ලෙස ප්‍රතිවාදී සීමාව ආක්‍රමණය කළ බ්‍රසීල ඉදිරිපෙළ ක්‍රීඩක රිචාලිසන් 29 වැනි මිනිත්තුවේදී තෙවැනි ගෝලයද බ්‍රසීලයට වාර්තා කර දුන්නේය.
බ්‍රසීලයට අර්ධ අවසන් පූර්ව සිහිනය ලංකර දුන් මැදපෙළ ක්‍රීඩක ලූකස් පකේටා සිව්වැනි ගෝලය 36 වැනි මිනිත්තුවේදී වාර්තා කර දුන්නේය.
දකුණු කොරියාව වෙනුවෙන් වාර්තා වූ සැනසිලිදායක ගෝලය අතිරේක මැදපෙළ ක්‍රීඩක පායික් සෙවුන්ග් හෝ විසින් වාර්තා කලේ 76 වැනි මිනිත්තුවේදීය.
මෙම ජයග්‍රහණය බ්‍රසීල වාර්තා පොත් වලට නව පිටුවක් එක් කිරීමට සමත්විය.
ඒනම්, 1994 වර්ෂයේ සිට පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයන්ට පිවිසි එකම කණ්ඩායම බවට මේ සමගින් බ්‍රසීලය පත්විය.
එමෙන්ම 1970 වර්ෂයේ සිට පැවති සියළුම ලෝක කුසලාන පාපන්දු තරගාවලිහි පිළිමළුන් පිටුදැකීමේ වටයන්ට (දෙවැනි හා ඉතිරි වටයන්ට) පිවිසි එකම කණ්ඩායම බවටද මෙහිදී බ්‍රසීලය පත්විය.
බ්‍රසීලය මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමත් සමගින් මේ වන විට පැවති සියළුම ලෝක කුසලාන පාපන්දු තරගාවලි සඳහා ක්‍රීඩා කළ ලොව එකම පාපන්දු කණ්ඩායම බවටද පත්වී අවසානය.