ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියට අදාළව මේ දක්වා පැවැත්වූ ක්‍රීඩක වෙන්දේසිවලදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රීඩකය ෂෙර්යාස් අයියර් වාර්තා අතරට එක්විය.
ඒ අද දිනයේදී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ඔහු ඉන්දීය රුපියල් කෝටි 26.75කට කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම විසින් මිලදී ගැනීමත් සමගිනි.
ඔහු මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූයේ ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික ලංසුවක් යටතේය. මීට ඉහතදී ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියකදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 24.75ක මිලකට මිලදී ගැනීමයි.