පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් එක්දින හා විස්සයි20 තරගවලදි පාකිස්තානය නියෝජනය කරනු ඇත.
ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවලට අදාළව පැනවූ වසර පහක තරග තහනම් නිමවීමෙන් පසුව නැවතත් ජාත්‍යන්තර පිටියට පැමිණ පන්දුවෙන් දක්ශතා දක්වමින් සිටින විට ඔහු ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ටෙස්ට් තරගවලදී පාකිස්තානය නියෝජනය කිරිමට ලැබිම ගෞරවයක් බවත් සුදු පන්දු ක්‍රිකට් ක්‍රිඩාව වෙනුවෙන් අවධානය යොමුකිරීමට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවත් අමීර් සඳහන් කරයි.