බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක අබ්දුර් රසාක් එරට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට පත් කොට ඇත.
රසාක්ට මෙම නව පත්වීම ලබා දී ඇත්තේ එහි හිටපු සාමාජික ෆාරුක් අහ්මඩ් වෙනුවටයි. තිදෙනෙකුගෙන් යුත් මෙම කමිටුවට රසාක් හැරුණු කොට හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් වන මිනාජුල් අබේඩීන් හා හබිබුල් බෂාර්ද ඇතුලත්ය.
කෙසේ වෙතත් මේ වන විට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධ වී සිටින රසාක් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තේරීම් කමිටුව වෙත තවමත් ලබා නොදුන් බව වාර්තා වේ.
2004 වර්ෂයේදී බංග්ලාදේශය වෙනුවෙන් ජාතික වරම් දිනාගත් රසාක් ටෙස්ට් තරග 13කට, එක්දින තරග 153 කට හා පන්දුවාර 20 තරග 34 කට බංග්ලාදේශය වෙනුවෙන් එක්වී තිබෙන්නේ අන්තර් ජාතික කඩුළු 279 ක් දවා ගනිමිනි. වමතින් දඟ පන්දු යවන්නෙකු වූ හෙතෙම 2018 වර්ෂයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය. රසාක් බංග්ලාදේශය වෙනුවෙන් කඩුළු 200 සීමාව පසු කළ පළමු ක්‍රීඩකයාද වේ. එමෙන්ම එරට පළමු පෙළ තරග වලදී කඩුළු 600 සීමාව පසු කළ පළමු පන්දු යවන්නාද ඔහු වේ.