ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවිම මෙන්ම පන්දුවට පහරදීම මේ වන විට හරි මාර්ගයේ ඇති බවත් මනසින් මෙන්ම ශාරීරිකවද කණ්ඩායම වැඩ කළ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග පවසයි.
නෙදර්ලන්තය හා පැවැත්වෙන විස්සයි 20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 44කට දවා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වනිඳු මේ බව පැවැසීය.
“අපේ පන්දු යැවීම සහ පන්දුවට පහර දීම දැන් හරි පාරේ. අපි මානසිකවත් හා ශාරීරිකවත් වැඩ කළා. අපි අපේ පන්දු යැවීමේ සහ පිතිකරණ වගකීම් ඉටුකළා. ඒ නිසයි මම හිතන්නේ අපි සාර්ථක වෙන්නේ. වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත සහ ළහිරු මේ වන විට ඉතා හොඳින් පන්දු යවනවා. මහීෂ් පවර්ප්ලේවල හා ඉන් භාහිරව දක්ෂ ලෙස පන්දු යැව්වා.
ඒ වගේම මම හැම විටම උත්සාහ කරන්නේ මගේ කණ්ඩායම වෙනුවෙන් හොඳම දේ කරන්න. මම වෙනස්පන්දු යොමුකර කඩුල්ලක් දවා ගන්න උත්සාහ කරනවා. මම නිතරම උත්සාහ කරන්නේ විස්සයි 20 තරගාවලියේදී නිලකුණු පන්දු ගොඩක් යැවීමටයි. සුපර් 12 වටයේදී මෙම ක්‍රීඩාංගණයේදී අපිට තරග තුනක් තිබෙනවා. එය අපිට හොඳ අවස්ථාවක්”