ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් හොඳ තත්ත්වයකට පැමිණිමට හැකි බවත් ඒ සඳහා තමන්ට ශ්‍රී ලාංකිකයන්ගේ උදව් අවශ්‍ය බවත් ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න පවසයි.
ඊයේ (06දා) ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පැවැති තරගයෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
“අපි 6 වැනි ස්ථානයෙන් ඉවර කරයි කියලා කවුරුවත් බලාපොරොත්තු වුණේ නෑ. අපි ඇෆ්ගනිස්ථානයත් එක්කවත් දිනන එකක් නෑ කියලයි අපි ලංකාවෙන් එනකොට සමහර අය හිතුවේ.
සමහර තැන්වල අපි හොඳට කළා.සමහර තැන්වල අපිට හොඳට කරන්න බැරිවුණා. ටීම් එකක් ලෙස එක දවසේ අපිට ඔක්කොම හොඳට කරගන්න බැරිවුණා.
සමහර දවස්වල පිතිකරුවන් හොඳට කළා. සමහර දවස්වල පන්දු යවන්නන් හොඳට කළා. තරග දෙකක් වැස්සට නැතිවුණා. ඒ තරග දෙක ක්‍රීඩා කළා නම් සමහර විට දිනන්නත් තිබුණා.
මොකද අපේ කණ්ඩායම ඉදිරියෙන් හිටියේ. කණ්ඩායම ගැන හොඳ දේවල් තිබෙනවා. මට නායකත්වය දුන්නේ මාස දෙකකට කලින්. මට ගොඩක් අය උදව් කළා.
අවසන් පූර්ව තරගාවලියට එන්න බැරිවුණාට අපි හොඳින් ක්‍රීඩා කළා. පළපුරුදු ක්‍රීඩකයන් කණ්ඩායමේ ඉන්නවා වගේම තරුණ ක්‍රිඩකයන්ට අවස්ථාව දෙන්න ඕන.
අපිට හොඳ කාලයක් තිබුණා. හැමදාම අපිට දිනන්න බෑ. මොකක්හරි වදරක් වෙලා තිබෙනවා ඒ නිසා තමයි අපි මෙතන ඉන්නේ.
අත්දැකීම් ලබන්න ඕන. ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න ඕන පිටරට ගිහින් තරග කරන්න. ඇතැම් අයට අපි ගැන විශ්වාසය තිබුණා.
වැටිලා ඉන්න වෙලාවක අතදෙන අය තමයි අපිට ඕන. අපිට සහාය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. කවදා හරි දවසක අපිට හොඳ තැනකට එන්න පුළුවන් වෙයි. අපි දැන් ඒ තත්ත්වයට ගමන් කරමින් තිබෙනවා.”