දඹුල්ලේදී සිවු වසරක් පුරා ජය නොලැබුවද එම වාර්තා වාර්තමානයට අදාළ නොවන බව හෙට (13දා) පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අකිල ධනංජය පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ අද (12දා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල ධනංජය, “අපිට පසුගිය වාර්තා වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ එදා දවසේදී හොඳින් ක්‍රීඩා කිරීමයි. අපිට හොඳ පිතිකරුවන් ඉන්නවා. ඔවුන් හැමදෙනාම හොඳ මානසික ශක්තියකින් ඉන්නෙ.
කොහොම වුණත් මේ තණතීරුවේදී ලකුණු 275කට විතර එංගලන්ත කණ්ඩායම නවතා ගන්න පුළුවන් වුණොත් අපිට වාසිය ගන්න පුළුවන්. මම දැන් කණ්ඩායමේ අංක එකේ දඟපන්දු යවන්නා වුණා කියලා වෙනම පීඩනයක් මට නැහැ. පසුගිය කාලයේ මට අවස්ථාවක් නැති වුණ විට ද පන්දු පුහුණුකරු පියල් සර් සමග පුහුණුවීම් කරලා තමයි මේ තත්ත්වයට ආවේ.
ඒ නිසා මම පුහුණුවීම්වලදී කරන දේවල් තමයි මැදට ගිහිල්ලත් කරන්නෙ. අලුත් දේවල් කරන්නෙ නැහැ. දැන් කැරම් පන්දුවත් පුහුණුවෙනවා ඉස්සරහට දාන්න. සමහර විට මේ තරගාවලියේදී ඒ පන්දුව දමන්න පුළුවන්.” යැයිද පවසා සිටියේය.