කණ්ඩායමක් ලෙස එකට දිනන බවත් එකට පරදින බවත් ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසයි.
රසල් ආනෝල්ඩ් සිය ට්විටර් ගිණුමේ කළ ප්රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
ඊයේ තරගයේදීී දසුන් හා මිකී ආතර් අතර සිදුවූ සංවාදය ක්රීඩකාගාරය තුළ සිදුවිය යුතු බවත් එය පිටියේ සිදු නොවිය යුතු බවත් රසල් සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශ කළේය.
එයට පිළිතුරු දෙමින් මිකී පවසන්නේ “ අපි දිනන්නෙත් පරිදින්නෙත් එකට. නමුත් අපි හැම අවස්ථාවේදීම ඉගෙන ගන්නවා. දසුන් හා මම කණ්ඩායමක් ලෙස නැගී සිටිනවා.” යනුවෙනි.
ඊයේ තරගය පරාජය වීම පිළිබඳව කනගාටුවන බවත් දසුන් හා තමා අතර සිදුවූයේ හොඳ විවාදයක් බවත් ඔහු පවසයි. ඒ පිළිබඳව කනගාටුවීමට කාරණාවක් නොමැති බවත් මිකී පවසයි.