ක්‍රීඩකයන්ට තමන්ටම ඉගෙන ගැනීමට අවස්ථාව දී ඇති බවත් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ටම අනෙක් සියලුම ක්‍රීඩකයන් උදව් කරන බවත් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් නායක මුත් කරුණාරත්න පැවැසීය.
ආර්. ප්‍රේමදාස පිටියේදී ඊයේ (31දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.
“දැන් ඔක්කොම ක්‍රීඩකයන් සූදානම් වෙලා ඉන්නේ තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මම ගොඩක් සන්තෝසයි කණ්ඩායමට ආපු හතර දෙනාම උපරිම දේ ගත්තා. කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට පීඩනයක් නිර්මාණය කරගන්න එය හොඳ අවස්ථාවක්.
මට මේ කණ්ඩායම සමග ඉස්සරහට හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. හැමෝම දැන් තම ස්ථානය වෙනුවෙන් තරගයක් දෙන්න ඕන. ඒක හොඳ දෙයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට.
අපේ පිතිකරණ, පන්දු යැවීම හා පන්දු රැකීම හොඳට තිබුණා. මේ වගේම අපි රටින් පිටදීත් දක්ෂතා දක්වන්න ඕන. මේ ගන්න විශ්වාසය අපි ඉදිරියටත් පවත්වාගෙන යන්න ඕන. මේක අපේ ක්‍රීඩකයන්ට ඉදිරියට යන්න හොඳ අවස්ථාවක්.
හොඳ දේවල් අපි දිගටම කරන්න ඕන. ලසිත් අයියා විශ්‍රාම ගත්ත නිසා විකට් අරගෙන යන පන්දු යවන්නන් හොයා ගන්න ඕන. අපිට හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයන් හොයා ගන්න ඕන.
පිතිකරුවන් 6 දෙනා හැම තරගයකම වගේ දක්ෂතා දක්වන්න ඕන. අපිට හොඳ වමත් දඟ පන්දු යවන්නෙක් ඕන. ලසිත් ඇඹුල්දෙනියට කණ්ඩායමට එන්න අවස්ථාවක් තිබෙනවා. අපි කාටවත් බනින්නේ නෑ. ක්‍රීඩකයන්ට නිදහස දීලා තිබෙනවා. කැච් එකක් අතහැරියා කියලා හෝ අවුට් වුණා කියලා බනින්නේ නෑ. ඒ අයටම ඉගෙන ගන්න අවස්ථාව දී තිබෙනවා.”