ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට එරෙහිව හයේ පහර හයක් එල්ල කිරමට කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ් සමත්වූයේය.
කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියදී අකිල ධනංජය යොමුකළ හය පැවැනි පන්දුවාරයට මෙසේ පොලාඩ් හයේ පහර හයක් එල්ල කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසය තුළ එවැනි දස්කමක් දැක්වූ තෙවැනි පිතිකරුවා වන්නේ කිරන් පොලාඩ්ය.
මීට පෙර දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් හා ඉන්දියාවේ යුවරාජ් සිං එම දක්ෂතාව දැක්වීය.
කෙසේ වෙතත් ඊට ප්‍රථමව කොදෙව් ඉනිමේ සිවුවැනි පන්දුවාරය යොමුකළ අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක්ද දවා ගැනීමට සමත්විය.
පන්දුවාර 3.2 - එවින් ලුවිස් (28)
පන්දුවා 3.3 - ක්‍රිස් ගේල් (0)
පන්දුවා 3.3 - නිකලස් පූරන් (0)