ශ්රී ලංකා ටෙනිස් සම්මේලනයේ සත්කාරකත්වය යටතේ පැවති අන්තර්ජාතික ටෙනිස් සම්මේලන කණිෂ්ඨ (18 න් පහළ) තරගාවලියේ පළමු සතියේ (ITF Junior Circuit Week 1) පැවැති ඉසව්වෙන් බාලිකා අංශයේ ජය හිමිකර ගැනීමට ශ්රී ලංකාවෙ අංජලිකා කුරේරා සමත්වූවාය. ඒ තරගාවලියේ බාලිකා අවසන් මහා තරගයේදී දකුණු කොරියාවේ යූජින් කිම් තරග වට 2-0 ක් ලෙසින් පරාජයට පත්කරමිනි. මෙම තරගාවලිය කොළඹ ශ්රී ලංකා ටෙනිස් සම්මේලන මූලස්ථාන පිටියේදී පැවත්වූ අතර එහි ශූරතාව අංජලිකා විසින් හිමිකර ගත්තේ තරග වට 2-0 ක් ලෙසිනි.මෙම තරගාවලියට සදහා රටවල් 16 ක් සහභාගි වූහ.