ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම වන බ්‍රසීලය මේ වන විට සිය ජාතික කණ්ඩායම සඳහා පාපන්දු පුහුණුකරුවෙකු සොයමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් බ්‍රසීලය ඉවත්වීමෙන් අනතුරුව වත්මන් බ්‍රසීල පාපන්දු පුහුණුකරු ටිටේ සිය තනතුරින් ඉල්ලා අස්විය. ලොව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන පාපන්දු කණ්ඩායම ලෙසින් සැලකෙන බ්‍රසීල කණ්ඩායමේ මීලඟ පුහුණුකරුවා බවට පත්වන්නේ කවුරුන්දැයි යන්න පිළීබඳ බොහෝ දෙනෙකු ප්‍රශ්නාර්ථයක් මේවන විට මතුකරගෙන ඇත. මේ අතර බ්‍රසීලය සිය කණ්ඩායමට ගැලපෙන පුහුණුකරුවන් කිහිප දෙනෙකු පිළිබඳවම මේ වන විට අවධානයෙනු පසුවන බව වාර්තා වේ.
කෙසේ වෙතත් බ්‍රසීල ඉතිහාසයේ පළමුවරට ඔවුන් විදෙස් පුහුණූකරුවෙකු සිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට බඳවා ගැනීමට කැමැත්තෙන් සිටින බවද වාර්තා වේ.
මේ අතරින් වත්මන් මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන පෙප් ගාඩියෝලා පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්පාඤ්ඤ ජාතික ගාඩියෝලා, ස්පාඤ්ඤ බාසිලෝනා, ජර්මානු බයර්න් මියුනිච් වැනි ප්‍රභල කණ්ඩායම් පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කර ඇති අතර වර්තමානයේ ඔහු මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කරයි. එහිදී ඔහු ස්පාඤ්ඤ ශූරතා ත්‍රිත්වයක් සඳහා බාසිලෝනා කණ්ඩායමද, ජර්මානු ශූරතා ත්‍රිත්වයක් සඳහා බයර්න් මියුනිච් කණ්ඩායමද, එංගලන්ත ප්‍රිමියර් ලීග් ශූරතා ත්‍රිත්වයක් සඳහා මැන්චෙස්ටර් සිටි කණ්ඩායමද රැගෙන ගොස් ඇත. එමෙන්ම ඔහු දෙවරක් වසරේ හොඳම ක්‍රීඩා සමාජ පුහුණුකරු සම්මානයද හිමිකරගෙන ඇත.
මීට අමතරව වත්මන් ස්පාඤ්ඤ රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන කාලෝ ඇන්සිලොට්ටි ද මෙම පුහුණුකරු තරගයේ ඉදිරියෙන් සිටින වත් තරගකරුවෙකු වේ.
ඉතාලි ජාතික කාලෝ ඉතාලියේ ජුවෙන්ටස්, මිලාන්, නාපෝලි ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන්, එංගලන්ත චෙල්සි, එවර්ටන් ජර්මනියේ බයර්න් මියුනිච් වැනි ලොව සුපතල කණ්ඩායම් ගණනාවකම ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කර ඇත.
එමෙන්ම වත්මන් බ්‍රසීල පැල්මාරේස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන පෘතුගාල ජාතික අබ්දෙල් ෆෙරෙයිරා ද මෙහි තරගකරුවෙකු වේ.
මේ අතර බ්‍රසීල ජාතිකයෙකු වන ඩොරිවාල් ජූනියර් ද මෙම සටනට පැමිණ ඇති තවත් පුහුණුකරුවෙකු වේ.
අබ්දෙල් ෆෙරෙයිරා
කාලෝ ඇන්සිලොට්ටි
ඩොරිවාල් ජූනියර්
පෙප් ගාඩියෝලා