Formula student UK 2016 හිදී සම්මාන 3ක් මවුබිමට රැගෙන ඒමට හැකිවීම මහත් ගෞරවයක් බව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Formula student UK 2016 හා එක්වූ මොරටුව විශ්වවිද්‍යාලයේ Team Shark කණ්ඩායම් නායක හර්ෂණ කේලාෂ සඳහන් කළේය. ඒ ඔවුන් ලද සම්මාන ඇගයීම වෙනුවෙන් පසුගියදා ඩීමෝ ආයතනයේ පැවති උත්සව අවස්ථාවකදීය.
D-Mora P1 රේසිං රථය Formula student UK 2016 හිදී සම්මාන 3ක් දිනාගැනීම හුදෙක් විශ්වවිද්‍යාල මට්ටමේ ජයග්‍රහණයක් නොව එය අප රටක් ලෙස දිනූවකි. මොරටුව සරසවියේ සිසුන් තැනූ D-Mora P1 රේසිං රථය Formula student UK 2016 හිදී සම්මාන 3ක් දිනාගැනීම හුදෙක් විශ්වවිද්‍යාල මට්ටමේ ජයග්‍රහණයක් නොව එය අප රටක් ලෙස දිනූවකි. තරගයේ ඇති තරග කොටස් දෙකෙන් අපහසුම කාණ්ඩයේදී පළමුවරට ඉදිරිපත් වෙමින් ලකුණු 150න් සියයකට වඩා ලබාගත් පළමු රට වෙමින් අප රට සහ මෙම කණ්ඩායම වාර්තා අතරට එක් විය. එයට අමතරව මෙම කණ්ඩායම සම්මාන තුනක් රැගෙන පැමිණියේය.
ඒ හොඳම තනි පුද්ගල ධාවකයා, Class 1 හි හොඳම ආධුනිකයා (පළමුවර තරගාවලියට එක්වූ) සහ කැපවීම සඳහා Formula student සම්මානය යන සම්මාන තුනයි. ඒ සම්මාන ත්‍රිත්වයත් සමග වැඩිම සම්මාන දිනාගත් කණ්ඩායම් අතරින් දෙවැනි තැනට පත්වන්නට ඔවුහු සමත් වූහ.මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් විසින් ප්‍රමුඛතම රථවාහන සමාගමක් වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ (ඩීමෝ) සහාය ඇතිව නිපදවූ D-Mora P1 රේසිං රථය සිසුන් අතර පැවැත්වෙන ලොව ප්‍රමුඛතම මෝටර් රථවාහන තරගාවලිය වන Formula student UK 2016 වෙත ඉදිරිපත් කෙරිණි. එක්සත් රාජධානියේ සිල්වර්ස්ටෝන් සර්කිට් හිදී මෙම තරගාවලිය සඳහා ශ්‍රීලංකාව නියොජය කරමින් කණ්ඩායමක් ඉදිරිපත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම තරගාවලියට ලොව රටවල් 30 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් කණ්ඩායම් 130 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටියහ.
කාර්මික ඉංජිනේරුවන්ගේ ආයතනය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය ලොව පුරා අධ්‍යාපනික ආයතන ආශ්‍රිතව සංවිධානය කෙරෙන ලොව ප්‍රධානතම මෝටර් රථයක් නිර්මාණය කිරීම. සැකසීම සහ ධාවනය කිරීම යන අභියෝග මෙම තරගාවලියට ඉදිරිපත් වන සිසුන් වෙත පැවරේ. එමෙන්ම එලෙස නිර්මාණය කළ රේසිං රථය පරීක්ෂාකර බැලීමෙන් පසුව ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදුකෙරේ. උපාධිධාරීහු සීමිත පිරිසක් ෆෝමියුලා 1 පිළිබඳව ප්‍රගතියක් ලබා ඇති අතර, සිය ගණනක් වූ උපාධිධාරීන් ලොව ප්‍රමුඛතම රථවාහන නිෂ්පාදනය කරන ආයතනවල හෙටට ඔබින මෝටර් රථ නිපදවීමේ සහ නිර්මාණය කිරීම කාර්යයට දායක වෙමින් සිටිති.
මෙම තරගාවලිය සඳහා ඩිමෝ සමාගමේ සහය ඇතිව ශ්‍රී ලංකාව නියෝජනයක කරමින් සහභාගී වූ මොරටුව විශ්වවිද්‍යාලයේ කණ්ඩායම වන Team SHARK කණ්ඩායම 18 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි නායකත්වය හර්ෂණ කේලාශ විසින් දරනු ලැබීය. මෙහිදී හොඳම තනි පුද්ගල ධාවකයා ට හිමිවූ සම්මානය සිය ධාවන කුසලතා මැනවින් දැක්වූ ඉදුවර මුණසිංහ වෙත හිමිවිය. මෙම තරගාවලිය Class 1 සහ 2 වශයෙන් අංශ දෙකකින් පැවති අතර නිර්මාණ ඉදිරිපත් කිරීමේදී Class 1 සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීම අභියෝගාත්මක එකක් විය. Team SHARK කණ්ඩායම විසින් මේ සඳහා ඉදිරිපත් කළ රේසිං රථය දැඩි පරීක්ෂාවට ලක් කරමින් එහි හැඩය, බ්රේක් පද්ධතිය, ශබ්දය ආදී සියලු අංශ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් නිපදවා ඇත. මාදිලිය, වියදම සහ තිරසාර භාවය මෙන්ම ව්‍යාපාරික ඉදිරිපත් කිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් Team SHARK කණ්ඩායම සිය නිර්මාණය සාර්ථකව ඉදිරිපත් කළ අතර ස්කිඩ් පෑඩ්, ඇක්සලේටර්, කෙටි ධාවනය, පැවැත්ම සහ ඉන්ධන පිරිමැස්ම ආදී කරුණුද සැලකිල්ලට ගනිමින් මෙම රේසිං රථය නිර්මාණය කර තිබේ.
මෙම අවස්ථාව සමරනු වස් පැවැත්වුණු මෙම උත්සවයට ඩීමෝ සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ රංජිත් පණ්ඩිතගේ, ඩීමෝ සමාගමේ අධ්යක්ෂ විජිත බණ්ඩාර, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය කමල් පෙරේරා ඇතුළු ඩීමෝ සමාගම මොරටුව විශ්වවිද්‍යාල නියෝජනය කළ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. එසේම ඉදිරි වසර වෙනුවෙනුත් මෙම තරගයට මොරටුව විශ්වවිද්‍යල කණ්ඩායමක් ඉදුවර මුණසිංහගේ නායකත්වයෙන් ඉදිරිපත් කෙරෙනු ඇත.
Team SHARK කණ්ඩායම හර්ෂළු කේලාෂ (කණ්ඩායම් නායක), රජිවු විසිදාගම, චතුර සේමසිංහ, සජිත් එදිරිසිංහ, නුෂේන් සෙනෙවිරත්න, සචිත්‍රා අතපත්තු, රුක්මල් ධනුෂ්ක, ප්‍රනීත් වීරතුංග, ඉසුරු මුදලිගේ, ඉඳුවර මුණසිංහ, අමිත් මුදුගමුව, බුද්ධි හේරත්, තුෂාර සඳකැළුම්, කසුන් හර්ෂණ, ෂමීන් කුඹුරුගමුව, නවෝද ලක්ෂාන්, ජාලිය චින්තක, බුද්ධික ද අල්විස් ගෙන් සන්නද්ධය.
ඡායාරූප ඉසුරු පෙරේරා