(UPDATE) සංචාකරක ශ්රී ලංකා කණ්ඩායම පරාජය කර මුම්බායිහිදී අද (30දා) පැවැති පුහුණු එක්දින තරගයෙන් ලකුණු 88ක දැවැන්ත ජයක් ලැබීමට හා ඉන්දීය ඒ කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත්විය. ලකුණු 283ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 294ක් පමණි.
ශ්රී ලංකාව අසීරු අඩියක
ලකුණු 383ක ඉලක්කයක් හඹායමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 35ක් අවසන් වනවිට කඩුලු 06ක් දැවී ලකුණු 195ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15ක් තුළ තවත් ලකුණු 188ක් ජයග්රහණය සඳහා රැස්කරගත යුතුව ඇත.අශාන් ප්රියන්ජන් හා නිරෝෂන් දික්වැල්ල පන්දුවට පහරදෙමින් සිටින අතර, මේ වන විට මහේල ජයවර්ධන 33 (31), ඇන්ජලෝ මැතිව්ස් 03 (14), උපුල් තරංග 76 (75) හා කුමාර් සංගක්කාර 34 (35) ක්රීඩාගාරයට හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නන් සමත්ව ඇත.
ශ්රී ලංකාව තවත් ලකුණු 292ක් පසුපසින්
ලකුණු 383ක ඉලක්කයක් හඹායමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම මේවන විට පන්දුවාර 16.4 අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 90ක් රැස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රැදී සිටින උපුල් තරංග ලකුණු 41ක් (43) හා කුමාර් සංගක්කාර ලකුණු 26ක් (26) රැස්කරගෙන සිටියි. ශ්රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පළමු පන්දුවාරයේදීම ලකුණු 04කට දැවීගිය අතර, දෙවැනි කඩුල්ල ලෙස මුලු ලකුණු 42දී ඩිල්ශාන් ලකුණු 14(24) රැස්කරගෙන සිටියදී දැවීගියේය.
ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 382ක ඉලක්කයක්
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය ඒ කණ්ඩායම අතර මුම්බායිහිදී අද (30දා) ආරම්භවූ පුහුණු එක්දින ක්රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඒ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 382ක් රැස්කිරීමට සමත් විය.ඉන්දීය ඉනිම ගොඩනැගූ රෝහිත් ශර්මා ලකුණු 142ක් (පන්දු 111) රැස්කළ අතර, මනීෂ් පාන්ඩේ ලකුණු 135ක් (පන්දු 113) රැස්කිරීමට සමත් විය. ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධම්මික ප්රසාද් ලකුණු 57කට කඩුලු 03ක් දවාළූ අතර, ළහිරු ගමගේ ලකුණු 42කට කඩුලු 02ක් දවළීය.