ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරේ තවදුරටත් පෝල් ෆාබ්‍රේස් මහතා කටයුතු කරනවාද යන්න පිළිබඳව වන අවසන් තීරණය හෙට (22දා) ගැනීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (21දා) ගැනීමට නියමිතව තිබුණත් පැවැති සාකච්ඡා දෙකේදීම අවසන් තීරණයකට පැමිණීමට දෙපාර්ශ්වයටම නොහැකිවී තිබේ.
ෆාබ්‍රේස් මහතා අද (21දා) දිවයිනට පැමිණයේය. පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග ඔහු සාකච්ඡා පවත්වා තිබේ. ඔහුට ආකර්ෂණීය ගෙවීමක් සිදුකිරීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙන බව වාර්තාවෙයි.
මේ කරුණු පිළිබඳව ෆාබ්‍රේස් මහතාගේ ධනාත්මක ආකාරයේ ප්‍රතිචාරයක් තිබුණ බවත් දැනගන්නට තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තමන්ට ගෙවන ලද වැටුප් හා දීමනා ප්‍රමාණවත් නොවන බවට ෆාබ්‍රේස් මහතා පවසා තිබේ.