2015 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩයමට තුන් ඉරියව් ක්‍රීඩකයන් මෙන්ම වේගපන්දු යවන්නන්ගේ අවශ්‍යතාවයක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි.
ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට අදහස් දක්වමින් සනත් තවදුරටත් පවසා ඇත්තේ එළඹෙන ලෝක කුසලාන තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරග 25ක් පමණ තිබෙන බවත් එම කාලය තුළදී අවසන් සංචිතයට ඇතුළත් වන ක්‍රීඩකයන් හඳුනාගත යුතු බවත්ය.