ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් විශ්‍රාම ගත් පෝල් ෆාබ්‍රේස් මහතා එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු වශයෙන් රාජකාරී භාරගැනීමට නියමිත බව එංගලන්ත මාධ්‍ය වාර්තා කළේය.
ෆාබ්‍රේස් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත් කර ගැනීම සඳහා එංගලන්ත වේල්ස් ක්‍රිකට් මණ්ඩලය මෙම දින කිහිපයේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග සාකච්ඡා කළ බව ඩේලි මේල් වෙබ් අඩවිය සඳහන් කළේය.
කෙසේ වෙතත් නිල වශයෙන් ෆාබ්‍රේස් මහතා එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු තනතුරට පත්කරන දින පිළිබඳව තවමත් එංගලන්ත මාධ්‍ය වාර්තාවල සඳහන් නොවේ.එංගලන්ත කණ්ඩායමේ නව පුහුණුකරු පීටර් මොරෙස් මහතා එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය විසින් පසුගියදා මාධ්‍ය වෙත අනාවරණය කරනු ලැබීය.