ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේදී නිමා වූ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවන් දෙදෙනා බවට පත්වූ රංගල හේරත් හා කුසල් මෙන්ඩිස් ටෙස්ට් ක්‍රීඩක වර්ගීකරණයේ ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
ඒ අනුව ටෙස්ට් පන්දු යවන්නන් අතර පියවර හතරක් ඉදිරියට පැමිණි රංගන හේරත් එහි 9 වැනි ස්ථානය හිමිකරගෙන සිටියි. කුසල් මෙන්ඩිස් 21 වැනි ස්ථානයට පත්ව ඇත.
ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පියවර දෙකක් පසුපසට පැමිණ තිබෙන අතර දිනේෂ් චන්දිමාල් 20 වැනි ස්ථානයේ පසුවෙන්නේ කිසිඳු වෙනසකින් තොරවය.