බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකාවේ හිටපු පිතිකරු චන්දික හතුරුසංහ මහතා සමග සාකච්ඡා කරමින් සිටින බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් සඳහන් කරයි.
එළඹෙන ජූනි මාසයේදී බංග්ලාදේශ හා ඉන්දිය තරගාවලියට ප්‍රථමව බංග්ලාදේශය නව පුහුණුකරුවෙක් බඳවා ගැනීමට නියමිත අතර ඒ සඳහා හතුරුසිංහ හා තවත් එක් පුහුණුකරුවෙක් සමග සාකච්ඡා කළ බවද නස්මුල් සඳහන් කරයි.
තවදුරටත් අසහස් දක්වමන් සභාපතිවරයා සඳහන් කරන්නේ හතුරුසිංහ මෙන්ම අනෙක් පුහුුණුකරුද පුහුණුකරු තනතුර භාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ බවත්, වැටුප්, ගිවිසුම් කාල සීමාව හා කොන්දේසි පිළිබඳව ගැටලුවක් පවතින බවත්ය.
චන්දික හතුරුසිංහ මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් සිටියි.
'කික්ඉන්ෆෝ' ඇසුරෙනි