ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ තරග 31 ක් අවසන් වනවිටදී නිකුත් වූ ප්රසාද ලකුණු සටහනට අනුව %ඒ^ හා %බී^ කාණ්ඩවල පෙරමුණ ගැනීමට පිළිවෙළින් සොලිඩ් හා රිනවුන් ක්රීඩා සමාජ සමත්ව තිබේ. ඒ තරගාවලියේ තමන් සහභාගි වූ සියලුම තරග ජයගත් කණ්ඩායම් ද්විත්වය ලෙසිනි.
එහිදී සොලිඩ් ක්රීඩා සමාජය තමන් තරගාවලියේ තරග තුනකට සහභාගි වී ඇති අතර, රිනවුන් ක්රීඩා සමාජය තරග 04කට සහභාගි වී ඇත.
%ඒ ^ කාණ්ඩයේ දෙවැනි ස්ථානය පසුගිය වර ශූර කොළඹ ක්රී.ස. හා බ්ලූ ස්ටාර් ක්රීඩා සමාජයට හිමි වී ඇති අතර, තෙවැනි ස්ථානය බ්ලූ ස්ටාර් කණ්ඩායමට හිමි වී ඇත. %බී^ කාණ්ඩයේ දෙවැනි හා තෙවැනි ස්ථාන හිමි වී ඇත්තේ නිව් යංග්ස් හා ශ්රී ලංකා ගුවන් හමුදාවටයි.
තරගාවලියේ තවත් තරග 41 ක් පැවැත්වීමට නියමිතය.