සුගතදාස ක්රීඩාංගණයේ අළුතින් එළනු ලැබූ සින්තටික් ධානව පථය නිවැරදි ප්රමිතියෙන් නොමැති බව පවසමින් එය ඉදිකරනු ලැබූ දේශීය සමාගමට හා විදේශීය සමාගමට විරුද්ධව නඩු මගට පිවිසෙන බව සුගතදාස පාලන අධිකාරයේ වැඩබලන සහාපති පණ්ඩුක කීර්තිනන්ද මහතා අද (24) පැවැසීය.
'සුගතදාස ක්රීඩාංගණයේ සින්තටික් ධාවන පථය එළනු ලැබුවේ 2011 වසරෙදි. ඒ සඳහා වසර පහක වගකීමක් ඔවුන් ලබාදුන්නත්, ඒදා සිට වසර එකහමාරක කාලයක් ඇතුලත තුන් වතාවක් පිළසකර කරන්න සිදුවුණා. නමුත් එය සාර්තක වුනේ නෑ. එමනිසා සුගතදාස පාලන අධීකාරී මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡා වට කිහිපයකින් පසු අනුමැතිය ලැබුණා මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න'.