ගජබා සුපර ක්රොස් ධාවන තරගය පැවැත්වෙන අනුරාධපුර, සාලියපුර යුද හමුදා යතුරු හා මෝටර් රථ ධානය පථයෙන් පුහුණුවීම් යෙදමින් සිටින ක්රීඩකයන්ගෙන් එම ධාවන පථයට යතුරු පැදියක් ඇතුල් කිරීමට රුපියල් 1500ක මුදලක් දිනකට අයකරන බව යතුරු පැදි ධාවකයෝ චෝදනා කරති.
ඇතැම් ධාවන පථ මෙවැනි ආකාරයකට මුදල් අයකළත් මෙවැනි ආකාරයකට විශාල මුදලක් අය නොකළ බව යතුරු පැදි ධාවකයෝ චෝදනා කරති. ධාවන පථය අලුත් වැඩියා කිරිමට යැයි පවසමින් මෙම මුදල් අයකළත් ධාවන පථය එසේ අලුත් කළ බවට විශාල වෙනසක් පෙනෙන්නට නැති බවද ධාවකයෝ චෝදනා කරති.
තරග සඳහා සහභාගිවන කුඩා ළමුන්ගේ යතුරු පැදි ධාවන පථයට එක් කළත් එයින්ද රුපියල් 1500ක මුදලක් අයකරන බවද ඔවුහු චෝදනා කරති. මුලින් දැනුවත් කිරීමකින් තොරව මෙම මුදල් අයකරන බවත් ඔවුහු පවසති.