ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම පරාජය කර කොළඹ පී. සරවනමුත්තු (පී සරා ඕවල්) ක්‍රීඩාංගණයේ අද (20දා) අවසන් වූ තෙදින පුහුණු ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 162ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
තරගයේ දෙවැනි දිනට ඊයේ (19දා) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 431 ක් රැස්කරගෙන සිටි අතර, අද (20දා) දිනයේදී ලකුණු 474කට ඔවුන් සියල්ලන් දැවීගියේය.
කෙසේ නමුත් ලකුණු 245ක් පසුපස සිට නැවතත් දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට අද (20දා) සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 83ක් පමණි. ඒ අනුව ඉනිමක හා ලකුණු 162ක දැවැන්ත පරාජයක් අත්විඳීමට සිදුවිය.
පසුගිය සඳුදා (18දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 229ක් රැස්කිරීමට සමත් විය.