ශ්රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්රීඩක සචිත්ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ලෝඩ්ස් තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ ඉයන් ගුල්ඩ් හා මරායිස් එරැස්මස් විසින් තහවුරු කොට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය සඳහන් කරන්නේ සචිත්රගේ පන්දු යැවීම පිළිබඳව දින 21 ක් ඇතුළත පරීක්ෂණයක් සිදුකරන බවයි.
කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර හෙට (03දා) පැවැත්වෙන තීරණාත්මක පස්වැනි එක්දින තරගය සඳහා සචිත්රට ක්රීඩා කිරීමට අවස්ථාව හිමිව තිබේ.