ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පන්දුවාර විස්සයි20 ජාත්‍යන්තර පිටියෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දී ඇත.
සංගක්කාර යොමුකළ ලිපියේ පිටපතක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිළධාරී ඈශ්ලිද සිල්වා මහතා වෙත ලැබුණු බව ක්‍රිකට් අායතනය සඳහන් කරයි.
පන්දුවාර විස්සය20 ඊළග ලෝක කුසලානය සඳහා නව කණ්ඩායමක් ගොඩනැංවීම සඳහා අවශ්‍ය ඉඩ ලබාදීමටත් ටෙස්ට් හා එක්දින තරග සඳහා අවධානය යොමු කිරීමටත් අදාළව තමන් පන්දුවාර විස්සයි20 පිටියෙන් සමුගත් බව සංගා සිය ලිපියෙන් වැඩිදුරටත් පවසයි.