එංගලන්ත පළමු පෙළ තරග කිහිපයක් සඳහා සහභාගීවීමට කුමාර් සංගක්කාර තම ක්‍රීඩා සමාජය සමගින් ගිවිසුම් අත්සන් කළ බව ඩර්හැම් කණ්ඩායමේ පුහුණුකරු සඳහන් කරයි.
එසේම සංගක්කාර තම කණ්ඩායමට වත්කමක් බවද ඩර්හැම් පුහුණුකරු ජෝන් ලුවිස් පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන අයර්ලන්ත සංචාරයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විවේක ගන්වා තිබීම හේතුවෙන් සංගක්කාරට ඩර්හැම් කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමිවිය.
කෙසේ වෙතත් ඔහු ඩර්හැම් කණ්ඩායමට එක්වී ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරයට ධනාත්මකව බලපානු ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති.