2015 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය බොහෝදුරට තමන්ගේ අවසන් එක්දින තරගාවලිය වනු ඇති බව කුමාර් සංගක්කාර සඳහන් කරයි.
ඒ.එෆ්.පී. පුවත් සේවයට අදහස් දක්වමින් සංගක්කාර සඳහන් කරන්නේ ඒ පිළිබඳව අවසන් තීරණය තමන් නැවතත් ශ්රී ලංකාවට පැමිණීමෙන් පසු තේරීම් කමිටු සාමාජිකයන් හා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර ගන්නා බවයි.
සංගා මේ දිනවල එංගලන්තයේ පළමු පෙළ තරග සඳහා සම්බන්ධවීමට එංගලන්තයට ගොස් තිබේ.ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ටෙස්ට් ක්රිකට් ක්රීඩාව තවදුරටත් ඉදිරියට රැගෙනයාමට බලාපොරොත්තුවෙන්ද පසුවන බවයි.
කෙසේ නමුත් සංගා මෙහිදී කිසිඳු ආකරයකින් තමන් එක්දින ක්රීඩාවෙන් විශ්රාම ගැනීමට තීරණය කර ඇති බව පවසා නැත.
ක්රික්ඉන්ෆෝ ඇසුරෙනි