ඇලෙස්ටයාර් කුක්ගේ හා බෙන් ෆෝක්ස්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය ආරම්භ කරමින් පැවැති පළමු පුහුණු තරගයෙන් එසෙක්ස් ප්‍රාන්ත පිළ හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 22 පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය.
තරගය ඊයේ (13දා) දිවා රාත්‍රී තරගයක් ලෙස චෙල්ම්ස්ෆෝඩ්හි පැවැත්විණි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට එසෙක්ස් කණ්ඩායමට ඇරයුම් කළේය. නමුත් පන්දුවාර 2ක් ක්‍රීඩා කරන විට තරගයට වර්ෂාවෙන් බාධා විය. එහෙයින් තරගය පන්දුවාර 21 සීමාකිරීමට තරග තීරකවරයා තීරණය කළේය. ඒ අනුව එසෙක්ස් කණ්ඩායම ලකුණු 161 ක් රැස්කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩකළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 21 අවසානයේ ලකුණු 169 ඉලක්කයක් හිමිවූ අතර, ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146 පමණි.
එසෙක්ස් 161/5 (පන්දුවාර 21)
ඇලෙස්ටයාර් කුක් 71 (පන්දු 49, 4x4, 6x2)
බෙන් ෆෝක්ස් 51 (පන්දු 31, 4x4, 6x2)
ටොම් වෙස්ලි 16* (පන්දු 6, 4x3)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
සුරංග ලක්මාල් 21/2 (පන්දුවාර 5)
ධම්මික ප්‍රසාද් 30/2 (පන්දුවාර 4)
තිලකරත්න ඩිල්ෂාන් 32/1 (පන්දුවාර 4)
ශ්‍රී ලංකාව 146/9 (පන්දුවාර 21)
දිනේෂ් චන්දිමාල් 31 (පන්දු 25, 6x2)
තිලකරත්න ඩිල්ශාන් 22* (පන්දු 20, 4x3)
චතුරංග ද සිල්වා 20 (පන්දු 15, 6x2)
එංගලන්තය පන්දු යැවීම
ඔලිව් නිව්බි 36/3 (පන්දුවාර 5)
ග්‍රෙග් ස්මිත් 20/2 (පන්දුවාර 4)
මොන්ටි පනීසාර් 27/2 (පන්දුවාර 4)