(UPDATE) පාකිස්තානු කණ්ඩායම කඩුලු පහකින් පරදා ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පාකිස්තානය 260/5 (පන්දුවාර 50)
ෆාවඩ් අලාම් 114 (පන්දු 134, 4x8,6x3)
මිස්බා උල් හක් 65 (පන්දු 98, 4x3,6x2)
උමාර් අක්මාල් 59 (පන්දු 42, 4x7)
ලසිත් මාලිංග 56/5 (පන්දුවාර 10)
ශ්‍රී ලංකාව 261/5 (පන්දුවාර 46.2)
ළහිරු තිරිමාන්න 101(පන්දු 108, 4x13)
මහේල ජයවර්ධන 75 (පන්දු 93, 4x9,6x1)
කුසල් පෙරේරා 42 (පන්දු 41, 4x6, 6x1)
සහීඩ් අජ්මාල් 26/3 (පන්දුවාර 10)
තරගයේ වීරයා- ලසිත් මාලිංග
තරගාවලියේ වීරයා - ළහිරු තිරිමාන්න (තරග 5, ඉනිම 5, ලකුණු 279, 100x2)
...........................................................................................................................
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් තරගයේදි ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවශ්‍ය පදනම සකස් කළ ළහිරු තිරිමාන්න (101) මීට සුළු මොහොතකට පෙර සිය එක්දින දිවියේ තෙවැනි ශතකය රැස් කිරීමෙන් අනතුරුව දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දුවාර 5.5කදී ලකුණු 16ක් අවශ්‍යව ඇත.
ශ්‍රී ලංකාව 247/5 (පන්දුවාර 44.1)
.............................................................................................
පන්දුවාර 34ක් අවසානයේදි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2කට ලකුණු 190 ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරිම සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කරගෙන සිටියේය. මහේල (57*) ඉනිම 13ක පසුව එක්දින අර්ධ ශතකයක් රැස් කරනු ලැබීය.
එය ඔහුගේ 71 වැනි එක්දින අර්ධ ශතකය වෙයි. තම එක්දින දිවියේ 7 වැනි අර්ධ ශතකය රැස්කරගත තිරිමාන්න (85*) නොදැවී පිටියේ රැදී සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දුවාර 16කදී තවත් ලකුණු 71ක් අවශ්‍යවෙයි.
...................................................................................................
ලකුණු 261ක ජයග්රාහි ඉලක්කයක් හඹායමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23ක් අවසානයේදී කඩුලු දෙකකට ලකුණු 131ක් රැස් කරගෙන සිටියි. තිරිමාන්න (51*), මහේල (36*) නොදැවී පිටියේ රැදී සිටිති. කුසල් (42), සංගක්කාර (0) දැවී ගිය පිතිකරුවෝ වෙති.
...................................................................................................
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම කඩුලු 5 ට ලකුණු 260 ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 261 ඉලක්කයක් ලබා දුන්නේය.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ ෆාවඩ් අලාම් (114*, පන්දු 134 ) සිය එක්දින දිවියේ මංගල ශතකය රැස් කරමින් පාකිස්තානු ඉනිම ශක්තිමත් කළේය.
පාකිස්තානු ඉනිමේ මුල් කඩුලු ත්රිතිවය ලකුණු 18 ක් තුළදී දවා ගැනීමට ලසිත් මාලිංග සමත්විය. නමුත් ඉන් අනතුරුව ෆාවඩ් අලාම් හා මිස්බා සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 122 ක සබඳතාවක් ගොඩ නගමින් පාකිස්තානු ඉනිම ශක්තිමත් කළේය.
මිස්බාගේ (65, පන්දු 98) දැවී යාමෙන් පසුව පිටියට එක්වු උමාර් අක්මාල් (59 පන්දු 42 )වේගවත් අර්ධ ශතකයක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළේ ෆාවඩ් අලාම් සමග එක්ව පන්දුවාර 13 කදී ලකුණු 115 රැස් කරමිනි.
පාකිස්තානු ඉනිමේ බිඳ වැටුණු කඩුලු පහම ලසිත් මාලිංග (5/55) දවා ගැනීමට සමත් වූයේය.