ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට ලකුණු 64 කින් පරාජය වුණත් මට එය ධනාමත්කයි. පිතිකරුවන් නැවත වරක් ගුණාත්මක බව පෙන්නුවා. පන්දුවාර 40ක් වෙනකම් ඇන්ජලෝ මැතිව්ස්ගේ කණ්ඩායම විරුද්ධවාදීන් තැකීමක් නොකළා. ශ්‍රී ලංකාවට මේ වනවිට ලෝකයේ අංක එකේ එකදින පිතිකරුවා ඉන්නවා. විරාත් කෝලී, ඩිවිලියර්ස් හෝ ග්ලේන් මැක්ස්වෙල් ගැන ඔබට කතා කළ හැකියි. ඒ හැමදෙනාම මේ තරගාවලියේ ඉතා විශිෂ්ටව ක්‍රීඩා කරනවා. නමුත් අනික් කණ්ඩායම් බොහොමයක් බය වෙන ක්‍රීඩකයා සංගායි.
මේ ඔහුගේ (සංගාගේ) අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලියයි. ඔහු හරියට 'මෙහෙයුමේ මිනිහා' වගෙයි. ඒ වගේම අනෙකුත් ඉදිරිපෙළ ක්‍රීඩකයන් සමග බැලුවාම ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදී පන්දු යවන්නන්ට ඉදිරි තරගවලදී හිසරදයක්.
තරගාවලිය පුරාවටම පෙන්වූ දුර්වල පන්දු යැවීම හා ආබාධ ඔස්ට්‍රේලියාවට එරෙහි පැවැති තරගයේදීත් දක්නට ලැබුණා. පන්දු යවන්නන් හා තිබෙන ගැටලුව සරලයි. මාලිංග නුදුරු අනාගතයේදීම උපරිමයට ඒවි.
ඇන්ජලෝ මැතිව්ස් පන්දුවෙන් දක්ෂතා අතරට පැමිණියහොත් එය ප්‍රතිවාදීන්ට හිසරදයක්. චන්දිමාල්ගෙන් පසුගිය වසර කිහිපයේදී නොදුටු දුර්ලබ දෙයක් අපි ඔහුගෙන් දැක්කා. චන්දිමාල්ට අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලදහොත් ඒ සඳහා විකල්පයක් තෝරාගත යුතු වෙනවා.
ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය ඉදිරිය ගැන හිතන තරගයක් ලෙස යොදා ගත යුතුයි.
අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව එන කණ්ඩායම දකුණු අප්‍රිකාව නම්, ඔවුන් හොඳින් දක්ෂතා දක්වමින් ඉන්නවා. ඔවුන් (දකුණු අප්‍රිකාව) රිද්මයෙන් බැහැරව සිටීනම් පරාජය කළ හැකිය. එය ඉන්දියාව හා පාකිස්තානය කර පෙන්නුවා.
දකුණු අප්‍රිකාව අතීතයේදී ලෝක කුසලාන තරගාවලියක් ජයග්‍රහණය කර නෑ. නමුත් ශ්‍රී ලංකාවට එවැනි තත්ත්වයක් නෑ.
දකුණු අප්‍රිකාව ඔවුන්ගේ සමබරතාවයේ ගැටලුවකට මුහුණ පා තිබෙනවා. ඔවුන්ට පස්වැනි පන්දු යවන්නෙකුගේ ගැටලුවකුත් ඇතිවී තිබෙනවා. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පිතිකරණයේ තිබෙන විශ්වාසයෙන් කණ්ඩායම ප්‍රයෝජන ගත යුතුයි.
සිඩ්නි පිටියේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ කණ්ඩායමට ලැබුණ ප්‍රේක්ෂක සහාය අතිවිශාලයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඇසුරෙනි