චිතගොන්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි දිනයේ දිවා ආහාරය සඳහා අද (7දා) තරගය නතර කරන විට කඩුලු 02 ක් දැවී ලකුණු 68 ක් රැස්කරගෙන සිටියේය.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින කුමාර් සංගක්කාර ලකුණු ලකුණු 17 ක් හා මහේල ජයවර්ධන ලකුණු 06 ක් රැස්කරගෙන සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට එක්වූ දිමුත් කරුණාරත්න මුළු ලකුණු 36 දී ලකුණු 15 ක් රැස්කරගෙන සිටියදී නසීර් හුසේන් අතට උඩපන්දුවක් ලබාදීමෙන් දැවී ගිය අතර, කෞෂාල් සිල්වා ලකුණු 29 ක් රැස්කරගෙන සිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීගියේය. දැවීගිය කඩුලු දෙකේම හිමිකරුවා වූයේ මහමුදුල්ලාය.
බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් අද (07දා) සියලු දෙනා දැවී ලකුණු 426ක් රැස්කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 161 ක් පසුපසින් ඔවුන්ගේ ඉනිම අවසන් විය.
ඊයේ (06දා) තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 409 ක් රැස්කරගෙන සිටියේය. අද බිඳවැටුණු කඩුලු දෙකෙහිම හිමිකරුවා වූ අජන්ත මෙන්ඩිස් සිය ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම මෙම තරගයේදී සනිටුහන් කිරීමට සමත්වූ අතර, ඔහු ලකුණු 99 ට කඩුලු 6 ක් දවාලීමට සමත්විය. 2008 වසරේදී ඔහු ගාල්ලේදී, ඉන්දියාවට එරෙහිව 117/6 ලෙස කඩුලු දවාලමින් හොදම පන්දු යැවීම වාර්තා කර තිබිණි.
ශ්‍රී ලංකාව 587/10 (පන්දුවාර 156.4)
කුමාර් සංගක්කාර 319 (පන්දු 482, 4x32, 6x8)
මහේල ජයවර්ධන 72 (පන්දු147, 4x6)
අජන්ත මෙන්ඩිස් 47 (පන්දු 67, 4x6)
කිත්රුවන් විතානගේ 35 (පන්දු 52, 4x6)
දිමුත් කරුණාරත්න 31 (පන්දු 61, 4x4)
බංග්ලාදේශය පන්දු යැවීම
ශකීබ් අල් හසන් 148/5 (පන්දුවාර 34)
නසීර් හුසේන් 16/2 (පන්දුවාර 6.4)
බංග්ලාදේශය පළමු ඉනිම 426/10 (පන්දුවාර 119.5)
ඉම්රුල් කෙයිස් 115 (පන්දු 218, 4x17, 6x1)
ශම්සූර් රෙහමාන් 106 (පන්දු 191, 4x11, 6x1)
ශකීබ් අල් හසන් 50 (පන්දු 89, 4x9)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
අජන්ත මෙන්ඩිස් 99/6 (29.5)
දිල්රුවන් පෙරේරා 119/3 (පන්දුවාර 39)
සුරංග ලක්මාල් 70/1 (පන්දුවාර 23)
ශ්‍රි ලංකාව දෙවැනි ඉනිම 68/2 (පන්දුවාර 22)
කුමාර් සංගක්කාර 17* (පන්දු 32, 4x2)
මහේල ජයවර්ධන 6* (පන්දු 14, 4x1)
කෞෂාල් සිල්වා 29 (පන්දු 48, 4x4)
දිමුත් කරුණාරත්න 17 (පන්දු 32, 4x2)