(UPDATE) 5.24 PM
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුනු 281ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමු දිනයට තරගය නිමා කරන විට කඩුලු දෙකට ලකුණු 54ක් රැස්කරගෙන සිටියි. දිනයේ යොමුකළ අවසන් පන්දුවාරයේදී ඩේවිඩ් වොනර් දවා ගැනිමට ඩිල්රුවන් පෙරේරා සමත්විය. ඒ අනුව පළමු දිනයට තරගය නිමා කරන විට ඔස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 227ක් පසුපසින් සිටියේ කඩුලු අටක් අතැතිවයි.
4.20 PM
ඔස්ට්‍රේලියා කණ්ඩායම සමගින් ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 281ක් රැස්කරනු ලැබීය. දග පන්දු යවන්නන්ට වඩාත් හිතකර ගාලු පිටියේදී කඩුලු පහක් දවා ගැනීමට වේග පන්දු යවන මිචෙල් ස්ටාක් සමත්වීම කැපී පෙනේ.
2.40 PM
තේ පානය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 216ක් රැස්කරගෙන සිටියි. නායක ඇන්ජලෝ මැතිව්ස් හා ධනංජයද සිල්වා පිටියේ පන්දුවට පහර දෙමින් සිටියේය. ශතකය ආසන්නයට පැමිණි සිට කුසල් මෙන්ඩිස් ලකුණු 86ට දැවී ගියේය. දිවා ආහාරයෙන් පසුව ඔස්ට්‍රේලියානුවෝ තරගයට අවතීර්ණ වූ අතර ලකුනු 107ට කඩුලු තුනක් දවා ගැනිමට ඔවුහු සමත්වූහ.
12.00 PM
ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය වෙනුවෙන් තරගය නිමා කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 109ක් රැස්කරගෙන සිටියි.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින කුසල් පෙරෙරා ලකුණු 47ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 52ක් රැස්කරගෙන සිටියි. මෙම තරගයේ පළමු ඉනිමේදීත් කෞෂාල් සිල්වා අසාර්ථක වූ අතර ඔහුට රැස්කරගත හැකිවූයේ ලකුණු 5ක් පමණි.
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා සත්කරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාලු පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම දිමුත් කරුණාරත්න සමගින් කෞෂාල් සිල්වා ආරම්භ කළ අතර ඉනිමේ යොමු කළ පළමු පන්දුවෙන්ම දිමුත් කරුණාරත්න ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට මිචෙල් ස්ටාක් සමත්විය.
ඉන් අනතුරුව පන්දුවට පහරදීමට නියමිතව තිබුණේ කුසල් මෙන්ඩිස් වුවත් කුසල් පෙරේරා පිටියට පිවිසියේය. පසුගිය තරග කිහිපයේදීම අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරමින් කුසල් මෙන්ඩිස් සාර්ථක වුවත් මෙම තරගයේදී ඔහුගේ ස්ථානය වෙනස් කර තිබේ.
තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදුව තිබේ. ඒ ආබාධයකට ලක්ව ඇති නුවන් ප්‍රදිප් වෙනුවට විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවමින්. ඒ අනුව විශ්වට අද ටෙස්ට් වරම් හිමිවිය.