සංචාරක ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම පරාජය කර අද (04දා) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැති හයවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු අටක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත්විය.
ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රහණය සම්පූර්ණ කරගත්හ. ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට සබඳතාවක් ගොඩනැගූ කවීන් බණ්ඩාර හා අකීල් ඉන්හාම් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147 ක සබඳතාවක් ගොඩනැගූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට පන්දුවාර 49.3 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 203 ක් පමණි.
මෙහි පළමු හා දෙවැනි තරග දෙකට වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් එම තරග දෙක අතහැර දැමීමට සිදුවූ අතර, ඒ හේතුවෙන් දෙවැනි එක්දින තරගය වෙනුවට මෙම තරගය පැවැත්විණි. ඒ අනුව තරග 3-1 ක් ලෙස තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමිවිය.
Cricinfo ලකුණු පුවරුව