ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මහතා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු තනතුර සඳහා තෝරාගෙන ඇති බව එංගලන්තයේ 'ද ටෙලිග්රාෆ්' පුවත්පත වර්තා කළේය.
එසේම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා පිටර් මෝරෙස් නම් කර තිබේ. කෙසේ වෙතත් ෆාබ්‍රේස් මහතා වසර 2ක සේවා ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් එක්ව තිබෙන අතර ඔහු මේ දක්වා ගෙවා ඇත්තේ මාස හතරක කාලයක් පමණි.
එසේම එංගලන්ත නව පුහුණුකරුවන්ගේ නම් නිල වශයෙන් අද (19දා) ප්‍රකාශයට පත්කිරිමට නියමිත බව එංගලන්ත වාර්තා පෙන්වා දෙයි.