2014 වසර සඳහා වාර්ෂික කෙන්ත්‍රාත් හිමිවන ක්‍රීඩකයන් වෙනුවෙන් 7% දීමනා වැඩිවීමක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කොට තිබේ.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක දිනේෂ් චන්දිමාල්ට පළමු කාණ්ඩයේ ගිවිසුම හිමිව තිබේ. ඔහුට අමතරව එම කාණ්ඩයට කුමාර් සංගක්කාර, නුවන් කුලසේකර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස් හා රංගන හේරත් ඇතුළත් වෙති.
2013 වසරේ ක්‍රීඩකයන් 23 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් ලබාදුන්නත් මෙම වසරේදී එය ක්‍රීඩකයන් 17 දක්වා අඩුකර තිබේ.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්රාමගෙන සිටින ලසිත් මාලිංගට හා තිලකරත්න ඩිල්ෂාන්ට මෙන්ම ටෙස්ට් විශේෂඥ ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන වෙත විශේෂ කාණ්ඩයේ ගිවිසුමක් හිමිව තිබේ.
එසේම මෙවර ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන අනුව වර්ධක ලබා දීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ක්‍රීඩක කොන්ත්‍රාත්
1 කාණ්ඩය- කුමාර් සංගක්කාර, නුවන් කුලසේකර, ඇන්ජලෝ මැතිවිස්, රංගන හේරත්, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්
2 කණ්ඩය- ළහිරු තිරිමාන්න, අජන්ත මෙන්ඩිස්
3 කාණ්ඩය- කුසල් පෙරේරා, තිසර පෙරේරා
4 කාණ්ඩය- ශමින්ද එරංග, සචිත්ර සේනානායක, කෞෂාල් සිල්වා, සුරංග ලක්මාල්
විශේෂ ගිවිසුම්- ලසිත් මාලිංග, තිලකරත්න ඩිල්ෂාන්, ප්‍රසන්න ජයවර්ධන