(PICTURES) අයර්ලන්ත හා එංගලන්ත තරගාවලි ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (02දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ආගමික වතාවත්වල නිරතවූ අතර, ඉන් අනතරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ,ආසියානු කලාපයේ බොහෝ කලක් ක්‍රීඩාකර අයර්ලන්ත තණතීරුවල ක්‍රීඩා කිරීම විශාල අභියෝගයක් බවයි.
“පසුගිය සති කිහිපය තුළඅපි හොඳින් පුහුණුවීම් කළා. එමනිසා හොඳ සූදානමකින් තරගාවලියට මුහුණදෙනවා. පෝල් ෆ්‍රාබ්‍රේස් මහතා අපේ සාර්ථකත්වය පිටුපස සිටියා. ලෝක කුසලාන තරගාවලියෙත්, ආසියානු කුසලානය තරගාවලියෙදිත් ඔහු අපිත් සමග සිටියා.නමුත් වත්මන් ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු ගොඩක් හොඳ පුහුණුකරුවෙක්. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට බොහෝ කාලයක් ක්‍රීඩාකර තිබෙන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්.
අයර්ලන්ත සංචාරයේදී අපේ පරාමාර්ථයවුණේනවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම. එමනිසා සංගක්කාර, මහේල, ලසිත්, රංගන, ඩිල්ෂාන් යන ක්‍රීඩකයන් ඒ සඳහාසහභාගීවන්නේ නැහැ. එංගලන්ත සංචාරයේදී ඔවුන් නැවත ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වෙනවා.”
එංගලන්ත සංචාරය පිළිබඳ අදහස් දක්මින් මැතිව්ස් පවසා සිටියේ, එංගලන්ත කන්ඩායම ඔවුන්ගේ රටේදී ඉතාමත් හොදින් ක්‍රීඩා කරන හොඳ කණ්ඩායමක් බවත්, ඔවුන්ව පරාජය කිරීම ශ්‍රී ලංකා කණ්ඩාමට ලෙහෙසි කාර්යයක් නොවන බවත්ය. එමෙන්මපෝල් ඇඩම්ස් මහතා උපදේශකයෙකු ලෙස සම්බන්ධ කරගැනීම වඩා යහපත් දෙයක් බවද ඔහු පවසා සිටියේය.
මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු මාවන් අතපත්තු පවසා සිටියේ, ප්‍රධාන පුහුණුකරු තනතුර තමන්ට හිමිවීම ලොකු අභියෝගයක් වුවද එය භාරගත් බවයි.
“මම ජාතික කණ්ඩායමක් පුහුණුකරන්න ඇවිල්ලා තවම අවුරුදු තුනයි. අවුරුදු පහක පුහුණුකරු අත්දැකීමක් තමයි මට තිබෙන්නෙ. මට තිබෙන අත්දැකීම්, මට තිබෙන විශ්වාසය මත ඒ දේපුළුවන් කියලා හිතපු නිසා මමත් ප්‍රධාන පුහුණුකරු තනතුරටඉල්ලුම් කළා. නමුත් වෙනත් පුහුණුකරුවෙකුට ඒ රස්සාව භාරදුන්නා. හැබැයි නැවත මා ගැන විස්වාසය තබලා මට අවස්ථාව ලබාදීම ගැන සතුටුවෙනවා.
පුහුණුකරුවෙකුගේ දක්ෂතා, අදක්ෂතා කෙටි කාලයකදී බලල තීරණය කරන්න බැහැ. පොල් ෆාබ්‍රේස් නැවත එංගලන්තයට ගියා කියලා ඔහු අපේ සැලසුම්, අපේ සියලු රහස් දැනගත්තා කියලා හිතන්නෙ නැහැ. පිටිය මැදදි පෙන්වන දක්ෂතායි වැදගත්වෙන්නෙ. 2015 ලෝක කුසලාන තරගාවලියට අපි පුහුණුවීම් කරන්න පටන්ගන්න පළමු තරගාවලියමෙම තරගාවලියයි.”
ඡායාරූප ඉසුරු පෙර්රා