වසර හතක් පමණ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ ශෂිකළ සිරිවර්ධන ඊයේ (10දා) නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදී ඇත.
“හදිසියේ ගත් තීරණයක් නොවෙයි මෙය. මම වසර හතක් පමණ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළා. එමනිසා නවක ක්‍රීඩිකාවකට අවස්ථාව ලබාදිය යුතුයි. නායකත්වයයෙන් ඉවත්වෙනවා කියලා මාස කිහිපයක ඉඳල වාචිකව කියලා තිබුණා.
"නිල වශයෙන් ඉවත්වීමේ ලිපිය ඊයේ (10දා) ඈෂ්ලි ද සිල්වා මහතාට භාරදුන්නා. මම නායකත්වයෙන් පමණයි ඉවත්වෙන්නේ, සාමාන්‍ය ක්‍රීඩිකාවක් ලෙස ඉදිරියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනවා කියලා ඒ ලිපියේ සඳහන් කළා. නමුත් තවම ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලැබුන් නැහැ.” යැයි ශෂිකලා සිරිවර්ධන සඳහන් කළාය.
ඡායාරූපය ICC