නවසීලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියෙල් විටෝරි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඊයේ (31දා) ප්‍රකාශ කළේය.
පසුගිය ඉරිදා (29දා) පැවති ලෝක කුසලාන අවසන් මහා තරගය ඔහුගේ අවසන් එක්දින තරගය වනු ඇතැයි බොහෝදෙනා මත පළ කළද එය ඊයේ දිනය වනතෙක් ස්ථිරවම තහවුර කර නොතිබුණි.
සිය සමුගැන්ම ප්‍රකාශයට පත්කරමින් විටෝරි පැවසුවේ, මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය දක්වා පැමිණීමට හැකිවීම පිළිබඳ අතිශය සතුටට පත්වන බවයි.
“ඒක ජයග්‍රහණයකින් නිම කරන්න තිබුණ නම් වඩාත් හොඳයි. නමුත් මම සතුටු වෙනවා, පසුගිය සති හයක කාලය තුළ ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව. එමෙන්ම ආබාධ තත්ත්වයන් මගහැරිල මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට ලැබීම පිළිබඳවත් සතුටු වෙනවා.” යැයි විටෝරි පවසයි.
නවසීලන්තයෙන් බිහිවූ විශේෂඥ දඟපන්දු යවන්නෙකු වූ විටෝරි 1997 වර්ෂයේදී එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගයේදී අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසියේය. වයස අවුරුදු 18 සම්පූර්ණ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි විටෝරි, එතෙක් මෙතෙක් අඩුම වයසකින් ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි නවසීලන්තය ක්‍රීඩකයාද වේ.
ලෝක කුසලාන තරගාවලි 5 කට ක්‍රීඩා කර ඇති විටෝරි ටෙස්ට් තරග 113 කට සහභාගි වී ඇති අතර, ඔහු නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකර ඇති ක්‍රීඩකයාද වෙයි. එමෙන්ම ඔහු 2007-2011 වර්ෂය දක්වා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද දැරීය.
කෙසේ නමුත් ආබාධ තත්වයන් හේතුවෙන් පසුගිය කාලයේදී ඔහුට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිවූයේ නැත.