ශ්‍රී ලංකාවෙන් පිටතදී පාකිස්තානු කණ්ඩායම ටෙස්ට් තරගයකදී පරාජය කිරීමට අවස්ථාවක් සෙවූ ශ්‍රී ලංකා කණ්ඩායම එම අවස්ථාව උදා කරගනිමින්අද (12දා) ඩුබායිහිදී අවසන් වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු නවයක පහසු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට 2004 වසරේ ඔක්තෝබර් මාසයේදී ෆයිසලාබාද්හිදී පාකිස්තානු කණ්ඩායම පරදා ටෙස්ට් තරගයක් ජයග්‍රණය කර තිබිණි. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණය එක්සත් අආබි එමීර් රාජ්‍යයේදී ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙසද වාර්තා අතරට එක්විය.
ලකුණු 137 ක පහසු ඉලක්කයක් හඹායාම සඳහා දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.2 කදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. 8 වැනිදා ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තානයට ඇරයුම් කළේය. ශ්‍රී ලංකා නායකයා ලබාගත් එම තීරණයට හොඳ සහයෝගයක් ලබාදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පාකිස්තානු පළමු ඉනිම පළමු දිනයේදීම පන්දුවාර 63.5 ක් අවසානයේ ලකුණු 165කට සීමා කිරීමට සමත්වූහ.
පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 134 ක් අවසානයේ ලකුණු 388 ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව ලකුණු 223 ක් පසුපසින් නැවතත් පාකිස්තානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම ඇරඹූ අතර, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 359කට සීමාවිය.ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකා පළමු ඉනිම අබිබවා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136 ක් පමණි. තරගයේ වීරයා ලෙස මහේල ජයවර්ධන සම්මාන ලැබීය.
පාකිස්තානු පළමු ඉනිම 165/10 (පන්දුවාර 63.5)
කුරාම් මන්සූර් 73 (පන්දු 136, 4x7, 6x1)
බිලාවල් බහට්ටි (නොදැවී)24 (පන්දු 49, 4x3, 6x1)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
නුවන් ප්‍රදීප් 62/3 (පන්දුවාර 18)
රංගන හේරත් 26/3 (පන්දුවාර 10.5)
ශමින්ද එරංග 25/2 (පන්දුවාර 14)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 388/4 (පන්දුවාර 106)
මහේල ජයවර්ධන 106 (පන්දු 230, 4x12)
කෞෂාල් සිල්වා 95 (පන්දු 221, 4x10)
ඇන්ජලෝ මැතිව්ස් 42 (පන්දු 84, 4x5)
පාකිස්තානු පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 75/2 (පන්දුවාර 26)
රහට් අලි 109/1 (පන්දුවාර 26)
මොහොමඩ් හෆීස් 11/1 (පන්දුවාර 6)
පාකිස්තානු දෙවැනි ඉනිම 359/10 (පන්දුවාර 137.3)
මිස්බා උල් හක් 97 (පන්දු 248, 4x8, 6x1)
යුනිස් ඛාන් 77 (පන්දු 173, 4x5)
සෆ්රාස් අහමඩ් 74 (පන්දු 142, 4x7)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
සුරංග ලක්මාල් 78/4 (පන්දුවාර 28.3)
නුවන් ප්‍රදීප් 50/2 (පන්දුවාර 19)
රංගන හේරත් 132/2 (පන්දුවාර 42)
ශාමින්ද එරංග 74/2 (පන්දුවාර 36)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 137/1 (පන්දුවාර 46.2)
දිමුත් කරුණාරත්න (නොදැවී) 62 (පන්දු 125, 4x8)
කෞෂාල් සිල්වා 58 (පන්දු 134, 4x5)
කුමාර් සංගක්කාර (නොදැවී) 08 (පන්දු 20, 4x1)
පාකිස්තානු පන්දු යැවීම
සයීඩ් අජ්මාල් 45/1 (පන්දුවාර 17.2)
ඡායාරූප ඒ.එෆ්.පී.