(VIDEO) ටෙස්ට් ක්රිකට් පිටියේ වසර 82කට පසුව වයස්ගතම ක්රීඩකයෙක් වාර්තා කළ ශතකයට හිමිකම් කීමට පාකිස්තාන නායක මිස්බා උල් හක් ඊයේ සමත්විය.ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශතකයක් වාර්තා කරමිනි. ඔහු ශතකය වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 42 දින 47ක් විය.
පළමු දිනය නිමා කරන විට නායක මිස්බා උල් හක් නොදැවී ලකුණු 110ක් රැස්කරගෙන සිටි අතර එය ටෙස්ට් පිටියේ වාර්තා වූ හය වැනි වයස්ගතම ටෙස්ට් ශතකය වෙයි.
එසේම 1934 පසුව වයස්ගතම ක්රීඩකයෙකු වාර්තා කළ ටෙස්ට් ශතකය ලෙසින්ද මිස්බාගේ ශතකය වාර්තා අතරට එක්වෙයි. මිස්බා උල් හක් එංගලන්තයේ ක්රීඩා කරන පළමු ටෙස්ට් තරගය මෙයද වෙයි.
එසේම එය ලෝඩ්ස් පිටියේදී පැවැත්වෙන හෙයින් ලෝඩ්ස් පිටියේ ක්රීඩා කළ සිය පළමු ටෙස්ට් තරගයේදීම ශතයක් වාර්තා කිරීමට මිස්බා සමත්වීම කැපීපෙනේ. ලෝඩ්ස් පිටියේ ශතකයක් වාර්තා කිරිම ඕනෑම ක්රීඩකයෙකුගේ සිහිනයකි.
මෙම ශතකය මිස්බාගේ 10 වැනි ටෙස්ට් ශතකය වූ අතර එය නිරූපණය කිරීම සඳහා මිස්බා ඩිෆ් 10ක්ද ලෝඩ්ස් පිටියේ ගසන ලදී.
VIDEO
ටෙස්ට් ශතක වාර්තා කළ වයස්ගතම ක්රීඩකයින්